Course Information
Course Overview
වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.
ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.
මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.
පයිතන් යනු වර්ථමානයේ ඉතා බහුලව භාවිතා වන පරිගණක භාෂාවකි. එමෙන්ම යම් කාර්යයක් සඳහා ඉතා පහසුවෙන් ක්‍රමලේඛයක් ලියා ගැනීමට හැකි වීම එහි ඇති ප්‍රධානම වාසියකි. එනිසා බොහෝ ආයතන වලින් පයිතන් ඉංජිනේරුවන් බඳවා ගැනීම සුලභය.
මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත. නමුත් ශිෂ්‍යයෙක් වශයෙන් ඕනෑම පර්ගණක භාෂාවක් ඉගෙන ගැනීමට ඔබ අමතර කාලයක් වැය කිරීමට සිදු වනු ඇත. නැතිනම් මෙහි පැහැදිලි කරන සංකල්ප කටපාඩම් කිරීමට සිදු වනු ඇත. එමෙන්ම යම් error එකක් ආ විට එය අන්තර්ජාලයේ සොයි පිළියමක් සොයා ගැනීමට හැකි විය යුතුයි. එය ද මෘදුකාංග ඉංජිනේරුවෙක් හට තිබිය යුතු හැකියාවකි!
මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.
Note:
This course is taught in Sinhala language, NOT in English. If you want to go to my English course, please visit my profile.
Course Content
- 10 section(s)
- 67 lecture(s)
- Section 1 Welcome
- Section 2 Introduction to Programming
- Section 3 Setting up the environment
- Section 4 Data Types and Variables
- Section 5 Data Structures
- Section 6 Conditions
- Section 7 Loops
- Section 8 Functions/Methods
- Section 9 Comprehension
- Section 10 Generators
What You’ll Learn
- Programming with Python from the beginning - Python මුල සිට සරලව
- Create a small project with Python - පයිතන් මගින් කුඩා project එකක් නිර්මාණය කිරීම
Skills covered in this course
Reviews
-
KK Buddika Prasad Senanayaka
Thank you very much Sir. I love this course. Your explanations are very clear and easy to understand. Thank you.
-
TThanuja Priyadarshane
patta...aluth updates thibboth python wala aai course ekk krnna☺️❤️
-
OOvindu Jeewanga Hathnapitiya
Amazing course! Get lot of knowledge and tricks to programming. Thank you for giving this opportunity to learn this free. Have a successful carrier life!
-
RRedly Bastian
Good one!